එතෙර මෙතෙර ලාංකික හදවත් යා කරමින් වෙනස් වෙබ් රේඩියෝ අද්දැකීමක් ලෙස ඇරඹි මහිම වෙබ් රේඩියෝ නාලිකාව 2018 වසරේ අප්‍රේල් මස 11 වනදා ගුවනට එක් විය.සුභාවිත ගීතයත් සුබස්වහරත් කැටිකර ගනිමින් ලාංකේය අනන්‍යතාවය ලෝකයට රැගෙන යාම මහිම වෙබ් රේඩියෝ අපේ අරමුණයි.පැය 24 පුරා ශ්‍රාවක සිත්සතන් දැනුමෙන් රසවින්දනයෙන් පුරවාලමින් ගුණාත්මක වැඩසටහන් පෙළගැස්මක් සමඟ නිල වෙබ් අඩවිය ඇතුළුව ෆේස්බුක්, ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ ද වැඩසටහන් සජීවාකාරයෙන් ප්‍රචාරය වේ.නවමු රේඩියෝ සංකල්ප එක් කර ගනිමින් විශුවල් රේඩියෝ ක්‍රමවේදය සාර්ථක ලෙස අඛන්ඩව වසර හතක් ශ්‍රවක සහෘදයන් වෙනුවෙන් රැගෙන ආ පුරෝගාමියෙකු ලෙස මහිම රේඩියෝ ඔබට හඳුන්වාදිය හැක.ප්‍රවීණ කලා ශිල්පීන් මෙන්ම නවක කලා ශිල්පීන් ඔබට මුණගැහෙන තෝතැන්න මහිම රේඩියෝවයි.
මහිම වෙබ් රේඩියෝ නාලිකාවේ සභාපති ධූරය හොබවන්නේ ලහිරු සේනාරත්න මහතයි.නාමල් බුද්ධික මහතා ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කරයි.වර්ථමානයේ සහකාර වැඩසටහන් කළමණාකාරු ලෙස කටයුතු කරන්නේ තාරක විජේසිංහ වන අතර ප්‍රවීණ මෙන්ම නවක නිවේදක මඩුල්ලක් මහිම රේඩියෝ නාලිකාව ඔපවත් කරයි.