ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ අමාත්‍යාංශයෙන්

ඊශ්‍රායලයට එල්ලවූ ඉරාන ප්‍රහාරයන්ගෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ඇති අතර තවත් කාන්තාවක් ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇති බව තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනය කරනවා.
අද (15) අළුයම 3.30ට පමණ මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අළුයම 4ට පමණ බැට් යම් ප්‍රදේශයට එල්ලවු ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ඇති බව ද ඒ මහතා සඳහන් කරනවා.
ඇයට පෞද්ගලිකව දුරකතනයෙන් ඇමතුමක් ලබාදුන් බවත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා.
තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර බලපෑමට ලක්වු හෝ අනතුරුදායක තත්ත්වයක සිට ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු වහාම තානාපති කාර්යාලය අමතන ලෙස ඒ මහතා ඉල්ලා සිටින්නේ.
එමෙන්ම ඉරානයේ හා ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විශේෂ දැනුම් දීමක් සිදුකරනවා.
ඒ හදිසි දුරකතන ඇමතුම් සඳහා පැය 24 පුරා විවෘත දුරකතන අංක රැසක් හදුන්වාදී තිබෙනවා.
කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දුරකතන අංක 0112 325 373 / 0112 325 375 / 0112 207 200 / 0112 207 207.ෆැක්ස් අංක 0112 446 091 / 0112 333 450 / 0112 430 220
විද්‍යුත් තැපෑල – cypher@mfa.gov.lk
ඉරානයේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකතන අංක +98 939 205 5161 / +98 991 205 7522 / +98 936 636 0260.
ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද වට්ස්ඇප් පණිවුඩ ලබාදීම සඳහා දුරකතන අංක හදුන්වාදී තිබෙනවා.
071 844 7305 / 071 683 3513 / 071 974 2095 ඔස්සේ ඔබට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පණිවුඩ ලබා දීමේ හැකියාව පවතිනවා.