බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය සජබ තහවුරු කරයි

Mahima News

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතරයක් හිමි බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමට අද (24) සමගි ජන බලවේගයට හැකි වුණා.

බෙන්තොට ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත විජේවර්ධන එම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගැනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *