අඩුවූ බස් ගාස්තුව අනිද්දා සිට

Mahima News

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 0.55ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළා.

ජුලි මස 01 වනදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5කින් පහල දමන බව එම කොමිසම මීට පෙර ප්‍රකාශ කළද පෙරේදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ ගියා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ නව ඉන්ධන මිල ගැලපුමට අනුව බස් ගාස්තු අඩුකළ හැක්කේ මෙම ප්‍රතිශතයෙන් පමණක් බවයි.

නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුව නැහැ.

නව ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුළු ගාස්තු අවස්ථා කිහිපයක් අඩුවන්නේ රුපියලකින්.

ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 2,3 ආදී වශයෙන් අඩුවන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අඩුවනවා.

එසේම, මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *