ඇමති නලින්දගෙන් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්

Mahima News

ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් පැවතිය යුතු බව තමන් පිළිගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පවතින පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දිමෙන්.
මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර දැනට මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
 ”මාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර දැනට අපගේ අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇත. කෙසේ වුවද රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් එම ආයතන වලට බලපැවැත්වෙන ආකාරයෙන් අනන් ය වූ ආචාර ධර්ම පද්ධති පවත්වාගෙන යනු ලබනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *