වනිඳු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

වනිඳු හසරංග

නවතම අයි.සී.සී. විස්සයි විස්ස පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

ඒ පස්වන ස්ථානයේ සිට පියවර 3 ක් ඉදිරියට පැමිණෙමින්.

කෙසේ වෙතත් විස්සයි විස්ස පිතිකරු හේ්‍රණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක හතරවන ස්ථානයේ සිට ස්ථාන දෙකක් පහළට ගොස් හයවන ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර නවතම අයි.සී.සී. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයට පසුවීමට ඉන්දියාවේ විරාත් කෝලි සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිට පියවරක් ඉදිරියට පැමිණෙමින්.

කෙසේ වෙතත් පළමු ස්ථානයේ රැඳී සිටි ඉන්දියාවේ රෝහිත් ශර්මා ස්ථාන දෙකකින් පහළට ගොස් තුන්වන ස්ථානයේ පසුවනවා. දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ නවසීලන්තයේ ඩැරල් මිචෙල්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *