එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රිකට්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසනය 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

ඔවුන් එක් දින ක්‍රිකට් තරග 03කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කට සහභාගී වීමට නියමිතයි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *