චීනයේ පිපිරීමක්: 02ක් මරුට: 84කට තුවාල
උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා පවසනවා.
ඔවුන් අතරින් රෝහල් ගත කර ඇති පුද්ගලයින් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
පිපිරීමට හේතුව අනාවරණ වී නැති බවයි වාර්තා වන්නේ.
