ආණ්ඩුවට එරෙහිව හෝමාගම ප්‍රා.සභාවේ උද්ඝෝෂණයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමරිසි නීතිය හා රජය මගින් මේ දිනවල බෞද්ධාගමට එල්ල කරන විරෝධාකල්ප වැඩපිළිවෙළට විරෝධතාවය පළ කරමින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලුපටි පැළද අද (20) උදෑසන උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණා.

විරෝධතාවයට සහභාගි වූ මන්ත්‍රීවරුන් හෝමාගම පොළ භූමියේ අසලට පැමිණ විරෝධතාවය ආරම්භ කොට එම ස්ථානයේ සිට එදින පැවැති හෝමාගම ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම් ශාලාවට පැමිණියා.

ඉන් පසුව සභා ගර්භයේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නැවත වරක් විරෝධතාවයේ නිරතව එය අවසන් කළා.

මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජනබල පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් මෙම විරෝධතාවයට සහභාගි වී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *