ඉරාන සහ අමෙරිකානු න්‍යෂ්ටික සාකච්ඡා හෙට
ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වසර ගණනාවක සිට පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් යුත් තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡා හෙට (06) ඕමානයේ මස්කට් අගනුවරදී පැවැත්වීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
කටාර් රාජ්‍යය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල මැදිහත් වීමෙන් සකස් කරන ලද විශේෂ රාමුවක් යටතේ මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
යුරේනියම් සාරවත් කිරීම සීමා කිරීම, බැලිස්ටික් මිසයිල පාලනය සහ කලාපයේ පවතින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ආයුධ සැපයීම සීමා කිරීම් පිළිබඳව මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතයි.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ සාධාරණ සහ යුක්ති සහගත ලෙස මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස තමා විදේශ අමාත්‍යවරයාට උපදෙස් දුන් බවයි.
