ලක්ෂ 10ක් වටිනා ඇන්තූරියම් පැළ සමග කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

mal-860x615

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ දහයක් වටිනා ඇන්තූරියම් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි මොවුන් ළඟ තිබී ඇන්තූරියම් පැළ 436ක් හමුවී තිබුණා.

ඒවා මෙරටට රැගෙනවිත් තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍රයක් නොමැතිවයි.

ඒ අනුව ඔවුන් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, මෙම කාන්තාවන් දෙදෙනා කොළඹ සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 45 යන වයස්වල පසුවන්නන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *