98 වන ඔස්කාර් සම්මාන උළෙල – 2026
98 වන ඔස්කා සම්මාන උළෙල මේ වන විට කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවරදී ආරම්භ වී තිබෙනවා.
එහිදී වෙපන්ස් චිත්‍රපටය වෙනුවෙන් ඒමි මැඩිගන් හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තා.
එමෙන්ම වන් බැට්ල් ආෆ්ටර් අනදර් චිත්‍රපටය වෙනුවෙන් ෂෝන් පෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි කරගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම හොඳම රංගන වින්‍යාසයට හිමි සම්මානය එම චිත්‍රපටය වෙනුවෙන්ම කැසැන්ඩ්‍රා කුලුකුන්ඩිස් දිනා ගත්තා.
මීට අමතරව කේපොප් ඩෙමන් හන්ටර්ස් චිත්‍රපටයට මෙවර හොඳම සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය හිමිවුණා.
එමෙන්ම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ‘Sinners’ චිත්‍රපටය වෙනුවෙන් මයිකල් බී. ජෝර්ඩන්ට හිමි වූ අතර හොඳම නිළිය සම්මානය ‘Hamnet’ චිත්‍රපටයේ ජෙසී බක්ලිට හිමිවුණා.
එමෙන්ම ‘One Battle After Another’ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා.
හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය එම චිත්‍රපටය වෙනුවෙන් පෝල් තෝමස් ඇන්ඩර්සන්ට හිමිව තිබෙනවා.
