ට්‍රම්ප්ගේ යුද්ධය අත්හිටුවීමේ තීරණයෙන් පසු බොරතෙල් මිලත් පහතට

images (10)

ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල සියයට 7.16 කින් පහළ බැස ඇමෙරිකානු ඩොලර් 104.43 ක් ලෙස සටහන් වුණා.

මීට අමතරව, ඇමෙරිකානු (WTI) බොරතෙල් මිලද සියයට 7.59 කින් පහත වැටී බැරලයක් ඩොලර් 90.77 ක් දක්වා අඩු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *