කොලොම්බියානු ගුවන් අනතුරෙන් මියගිය ගණන 66 දක්වා ඉහළට

1774317981-At-least-34-killed-in-Colombia-military-plane-crash

කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේදී එරට ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට ගුවන් හමුදාපති ප්‍රකාශ කළේ, යානය තුළ යුද හමුදා භටයින් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිටි බවයි.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිශ්චිත වාර්තා ලැබී නැහැ.

සෙබලුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන, අමෙරිකාවේ නිෂ්පාදිත C-130 හර්කියුලිස් වර්ගයේ මෙම යානය පුටුමායෝ පළාතේ පුවර්ටෝ ලෙගුයිසාමෝ නගරය අසලදී මෙලෙස කඩා වැටී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *