ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12.11ට ඉර මුදුන් වෙයි

sun-860x484.jpg

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දෘශ්‍ය ලෙස සුර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින් බවට සඳහන්.

ඒ අනුව, අද (10) දින දහවල් 12:11ට නාගවිල්ලුව, ගල්ගමුව, සීගිරිය, පලුගස්දමන සහ මාන්කර්නි යන ප්‍රදේශවලට ඉර මුදුන් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *