විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය පොලිසිය වසා දමයි
පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය පොලිසිය විසින් වසා දමා තිබෙනවා.
එ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයක් හේතුවෙන්.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණයක් මේ වන විට පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල දී පැවැත්වෙනවා.
ඊට අමතරව ජනතාවද එම විරෝධතාවයට සම්බන්ධ වී සිටිනවා.
ඔවුන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ බාල ගල් අඟුරු වංචාව නිසා රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇති බැවින් විෂය භාර අමාත්‍යවරයා වහාම එම ධූරයෙන් ඉවත් කරන ලෙසටයි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විරුද්ධ පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද(10) දිනය තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද නියමිතයි.
