ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරයක් තාවකාලිකව නවතී
බරපතල මට්ටමේ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බැවින් ගල්ෆ් කලාපීය රටවල ඉල්ලීම පරිදි අද දිනට සැලසුම් කර තිබූ ඉරානයට එරෙහි ප්‍රහාරය තාවකාලිකව නතර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ටෘත් සමාජ ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් තමන්ගෙන් මෙම ඉල්ලීම සිදුකළ බවයි.
කෙසේ වෙතත්, පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, ඉතා කෙටි දැනුම්දීමකින් ඉරානයට එරෙහිව පූර්ණ, මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමට අමෙරිකාව සූදානම් බවට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.
