කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා අද (24) පැය 24ක කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව අද රාත්‍රී 8.00 සිට හෙට රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම, මෙම කාලය තුළ මහරගම ප්‍රදේශයට ජලය අඩුපීඩනය යටතේ සැපයෙන බවද එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී තිබෙනවා.
