මීගමුව බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි
මීගමුව බන්ධනාගාරය තුල සිදු වූ නොසන්සුන්තාව සහ ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලිඛිත ඉල්ලිමක් අද (07) සිදු කර තිබෙනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/1 යටතේ හදිසි කල්තැබීමේ විවාදයක් සඳහා වූ ප්‍රතිපාදන යටතේ මෙම ඉල්ලිම සිදු කර ඇති බව සඳහන්.
ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, රෝහිණි විජේරත්න, හෙක්ටර් අප්පුහාමි, දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර ඇතුළු මන්ත්‍රීවරු 31 දෙනෙක් මේ සඳහා අත්සන් තබා තිබෙනවා.
