අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර විවාදයට ගැනීම ආරම්භ වුණා.
පෙරේදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය අද පැවැත්වීමටයි තීරණය කෙරුණේ.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්රිවරුවන් 37 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවේ මීගමුව බන්ධනාගාර ගැටුමේදී අධිකරණ අමාත්යවරයා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින්.
