සලේගේ පෙත්සම අද යළි කැඳවයි

1780846444-sale_L

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (28) යළි කැඳවීමට නියමිතයි.

ඊයේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, එහිදී වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් දීර්ඝ ලෙස කරුණු දක්වනු ලැබුවා.

ඒ අනුව පෙත්සම විභාගයට ගන්නා ස්ථිර දිනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *