අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

1784433957

එක්සත් ජනපද හමුදා ඉරානය තුළ පිහිටි ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉලක්ක රැසක් වෙත “දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්” එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිවේදනය කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් හමුදා විධාන මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන යානා පහසුකම්, වෙරළ නිරීක්ෂණ හා ආරක්ෂක ස්ථාන මෙන්ම සමුද්‍රීය යුද හැකියාවන්ට අදාළ ස්ථාන රැසක් ඉලක්ක කර ඇති බව සඳහන්.

මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර සිටින අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් හදිසි බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිචාරයක් ලෙස මෙම ගුවන් ප්‍රහාර සිදු කළ බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *