කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි

1785346651-anura-l

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරේ අවසන් මහ පෙරහර නැරඹීමට ඊයේ (29) ජනාධිපති අනුර කුමාර දිසානායක එක්වුණා.

මෙහිදී, ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට ද සහභාගී වී ජනපතිවරයා ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවත්, මෙරට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවත්, අනතුරුව පැවති උත්සව සභාව අමතමිනුයි ජනපතිවරයා පෙන්වා දී ඇත්තේ.

එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමග ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර හඳුන්වා දිය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම, රටේ සියලු ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම අවස්ථාව මෙරට අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය ද පෙන්නුම් කරන අවස්ථාවක් බව ජනපතිවරයා පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *