එල් නිනෝ බලපෑම දැඩි වෙයි – දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්

images (18)

එල් නිනෝ තත්ත්වයත් සමග මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සැලකිය යුතු ජල හිඟයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද (31) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර කියා සිටියේ, වියළි කලාපය තුළ පවතින ගංගාවල ජල මට්ටම් ඉතා අඩු අගයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර කියා සිටියේ, මේ වන විටත් රට පුරා ඇති පිරිපහදු මධ්‍යස්ථාන උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන බවයි.

එමෙන්ම භූගත ජලය ලබාගැනීම සඳහා නළ ලිං ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *