තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මීට සුළු මොහොතකට පෙර අධිකරණයට පැමිණියා.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ඔවුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සඳහායි.
නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙන අතර, එහි තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
මොවුන් දෙදෙනාට එරෙහිව නඩු විභාගය පසුගියදා අවසන් කර තිබුණා.
