චීනයෙන් චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
චීනය තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කර තිබෙනවා.
ඊයේ (04) එරට වේලාවෙන් පස්වරු 4:52ට Hainanහි වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Long March-8A ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් එම පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකාවන්හි 23 කාණ්ඩය ගුවන්ගත කෙරුණා.
අනතුරුව චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂගත වීමත් සමග එම මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබෙනවා.
