ඩොල්ෆින් සුළි කුණාටුව නිසා චීනයේ මිලියනයක් ආරක්ෂිත ස්ථාන වෙත

images (38)

මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන ඩොල්ෆින් සුළි කුණාටුව, ඊයේ පස්වරුවේ චීනයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණා. ඒ, පැයට කිලෝමීටර් 151 ක වේගයකින්.

කුණාටුවේ බලපෑමත් සමඟ මේ වන විට මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුණාටුවේ බලපෑමත් සමඟ එම කලාපය පුරා ප්‍රවාහන කටයුතු දැඩි ලෙස ඇණහිට තිබෙනවා. ෂැංහයි නගරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 30,300 ක් පමණ ඉවත් කර ඇති අතර ගුවන් ගමන් 1,400 ක් පමණ අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මූලාශ්‍රය – බීබීසි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *