බෙල්ලන්විල ඇසළ පෙරහර ඇරඹේ
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසල පෙරහර හේතුවෙන් හෙට (13) සිට ලබන 15 වැනිදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
ඒ අනුව හෙට රාත්‍රී 07.00ට පාවාඩ පෙරහර වීථි සංචාරය කරන බැවින් එම කාලය තුළ 119 මහරගම – දෙහිවල ප්‍රධාන බස් මාර්ගය, බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
