ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට

ChatGPT-Image-Sep-11-2026-08_43_33-AM-1024x768

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (28) දිනයේදී 1% කට වඩා වැඩි ප්‍රමාණයකින් නැවත ඉහළ ගොස් තිබෙනවා.

මැදපෙරදිග නොසන්සුන්කාරී තත්ත්වය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ පැවති අවිනිශ්චිතතාවය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන ලෙස බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.32 කින් හෙවත් 1.27% කින් ඉහළ ගොස් ඩොලර් 105.64 ක් ලෙස සටහන් වූ අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ශත 70 කින් හෙවත් 0.76% කින් ඉහළ ගොස් ඩොලර් 93.11 ක් දක්වා ඉහළ යනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඉරානය විසින් මෙම සාම යෝජනාව ඇමෙරිකාව වෙත යොමු කර තිබූ අතර, ජනාධිපති ට්‍රම්ප් සෙනසුරාදා ප්‍රකාශ කළේ තමා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.

මේ අතර, හූති සන්නද්ධ කණ්ඩායම් සහ ඉරානය විසින් සවුදි අරාබියට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් කලාපීය තෙල් සැපයුමට පවතින අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ANZ ආයතනයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

සෞදි අරාබිය දෙසට හූතිවරුන් විසින් යොමු කරන ලද බැලස්ටික් මිසයිල දෙකක් සහ ඩ්‍රෝන යානා දෙකක් සෙනසුරාදා උදෑසන විනාශ කළ බව සෞදි නායකත්වයෙන් යුත් සන්ධානය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *