ඥානසාර හිමියන්ට එරෙහි මහාධිකරණ නඩුව ලබන 23 වැනිදා යළිත් කැඳවීමට නියෝග

images (78) (1)
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට අදාලව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන 23 වැනිදා යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කළා.

එදිනට විත්තිකාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා මෙහිදී බන්ධනාගාර අධිකාරිවරයා නියෝග කළා.

මෙම නඩුකරය අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදි මෙලෙස නියෝග නිකුත් කෙරුණා.

එම අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ උන්වහන්සේ සුදු පැහැති ඇඳුමකින් සරසාගෙනයි.

ඉස්ලාම් ආගමිකයින්ගේ ශුද්ධ වූ කුරාණය සම්බන්ධයෙන් පළ කරන ලද අදහස්වලින් එම දහමට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාලව පෙර නඩු දිනයේ දී ඥානසාර හිමියන්හට කොළඹ මහාධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *