ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

Mahima News

ගෝල්ෆේස් හි පාරේ වෙළඳාම් කටයුතුවල නිරතවන වෙළෙඳුන් ඉවත් කිරීමට අද උදෑසන සිට ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඒ අනුව මේ වන විට එහි අනවසර වෙළදුන් සහ පදික වෙළඳුන් කිසිවෙකු දක්නට නොලැබෙන බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.
කෙසේ වෙතත් අදාළ වෙළඳුන්ගෙන් හය දෙනෙක් අද වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡාකර තිබෙනවා.
එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ වෙළඳුන්ගෙන් ලියාපදිංචි වී ඇති වෙළෙඳුන් සඳහා වෙළෙඳ කටයුතු සිදු කරගෙන යෑමට වෙනම ස්ථානයක අවසර ලබා දෙන බවයි.
ඒ සඳහා අදාළ අයදුම්පත් හෙට දහවල් 2.00 ලබා දෙන බවයි එම නිලධාරීන් පවසා තිබෙන්නේ.
කෙසේ වෙතත් ගාලු මුව දොර අනෙකුත් වෙළඳුන් ප්‍රකාශ කළේ,වෙළඳුන් කීප දෙනෙකුට පමණක් මෙම අවස්ථාව හිමිවීම තුළින් අනෙකුත් වෙළඳුන්ට අසාධාරණයක් සිදුවෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *