තායිලන්ත විවෘත මලල ක්රිඩා තරගාවලියේ දී ශ්රී ලංකාවට තවත් රන් පදක්කමක්

තායිලන්ත විවෘත මලල ක්රිඩා තරගාවලියේ මීටර් 5000 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ වක්ෂන් විග්නරාජ් සමත් වුණා.
මෙරට ක්රීඩක ක්රීඩිකාවන් අට දෙනෙකු සහභාගි වී සිටින මෙම තරගාවලිය, හෙට අවසන් වීමට නියමිතයි.
ඒ අනුව අයෝමාල් අකලංක සහභාගි වන පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ කාන්තා තුන්පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා ක්රිඩිකා මධුෂානි හේරත් ඊයේ සමත් වුණා.
ඒ මීටර් 13 යි දශම 5 යි 8 ක දක්ෂතාවක් දක්වමින්.