කහවත්තේදී තරුණයින් දෙදෙනෙකුට වෙඩි;එක් තරුණයෙක් මරුට

Mahima News

කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රියේ වෙඩ්තබා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වු තරුණයා කහවත්ත බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් අයෙකු බවයි පොලිසිය පැවසුවේ.
මෙම තරුණයා සමග සිටි තවත් තරුණයෙකු ජිප් රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර කිලෝමීටර් කිහිපයක් ගොස් එම වාහනයෙන් තරුණයින් දෙදෙනා බස්සවා දෙදෙනාටම වෙඩ් තබා ඇති බවයි පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.
වෙඩ් වැදුණු අනෙක් තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ පාදයකට වෙඩ් වැදී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
මත් කුඩු ජාවරමක් ගැන පොලිසියට තොරතුරු ලබාදීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක මතුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *