සංචාරක ඉපයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.5 ඉක්මවයි

මෙම වසරේ මැයි මාසය දක්වා සංචාරක ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබෙනවා.
ඒ පසුගිය මාසයේ සංචාරකයින්ගේ පැමිණීමෙන් ලද ඇමරිකානු ඩොලර් මිලියන 164ත් සමගයි.
එම මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වල 17.9%ක වර්ධනයක් සිදුව ඇති අතර මහ බැංකුව සඳහන් කළේ වසරේ මැයි මාසය දක්වා මුළු ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එසේම චීන මහජන බැංකුව සමග වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ඇතුළත්ව දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට සමානව, එනම් ඩොලර් බිලියන 6.3ක් ලෙස දැක්වුණා.
පසුගිය මාසය අවසානය දක්වා මෙරට රුපියල 2.5%කින් අව ප්‍රමාණය වී තිබෙනවා.