ඉන්ධන රැස් කොට තිබූ වවුනියාවේ නිවසකට ගින්නෙන් හානි

මැද පෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හිගයක් ඇතිවේ යැයි යන බලාපොරොත්තුව මත විශාල ඉන්ධන තොගයක් රැස් කොට ගබඩා කොට තිබූ වවුනියාවේ බණ්ඩාරීකුලම ප්‍රදේශයේ නිවසක් ඊයේ (30) හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
මෙම නිවසේ උදවිය පහනක් දැල්වීම පිණිස පොල්තෙල් වෙනුවට පෙට්‍රල් භාවිත කොට ඇත්තේ පොල්තෙල් බව සිතා පෙට්‍රල් බෝතලයක් මාරු වීමෙන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පහන දැල්වීමට උත්සහ කළ අවස්ථාවේදී දේව කාමරයට ගිණි ඇවිලී ඇති අතර, පසුව නිවසේ ඉන්ධන ගබඩා කොට තිබූ ප්‍රදේශය දක්වා ව්‍යාප්තව ගොස් තිබෙනවා.
ගින්න නිවස පුරාම පැතිර යාමත් සමඟම වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පිරිස් පැමිණ ගින්න නිවා දමා ඇතත්, ඒ වනවිට නිවසේ භාණ්ඩ රැසක්ම ගින්නෙන් දැවී පිලිස්සී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.