පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ මහජන අදහස් විමසීම අදයි

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එම කොමිසම නිවේදනය කළේ, උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවයි.
2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.
මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ ප්‍රකාශ කළේ, මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවයි.