බිග් බියුටිෆුල් පනතට ට්‍රම්ප් අත්සන් තබයි

Mahima News

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බිග් බියුටිෆුල් බිල් ලෙස නම් කර ඇති නව බදු පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සදහා ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 214ක් පමණයි.

මෙම පනත සම්මත වීමත් සමග ඇමරිකාවේ මිලියන 12කට සෞඛ්‍ය රක්ෂණ ආවරණය අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *