සටන් විරාම යෝජනාවට ගාසාවෙන් යහපත් ප්‍රතිචාර

ගාසා තීරයේ නව සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට යාම සඳහා හමාස් සංවිධානයෙන් “ධනාත්මක ප්‍රතිචාරයක්” ලැබී තිබෙනවා.
අමෙරිකාවේ සහාය සහිතවයි එම ගිවිසුම යෝජනා කෙරුණේ. මේ අතර එම ගිවිසුමේ රධාන සංශෝධන කිහිපයක් හමාස් සංවිධානය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
“සාකච්ඡා වටයකට වහාම පිවිසීමට බැරෑරුම් ලෙස සූදානම්” බව හමාස් සංවිධානය සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.