කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mahima News

පසුගිය 03 වැනිදා කඳාන පොලිස් වසමේ කඳාන පොදු වෙළඳසැල අසල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ගිනි අවියකින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (08) දහවල් කාලයේදී කඳාන පොලිස් වසමේ රූපමුල්ල හන්දියේදී හා කඳාන නගරයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට හා තවත් පුද්ගලයෙකුට තුවාල කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් වයස අවුරුදු 25 හා 26 වයස්වල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *