ටෙක්සාස් ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 161 ඉක්මවයි

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පවතින ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 161කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මියගිය සංඛ්‍යාව 110ට වඩා වැඩි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක් වන කැම්ප් මිස්ටික්හි මියගිය අය අතර අවම වශයෙන් ගැහැණු ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු සිටින බව තහවුරු කළ අතර, ළමයින් 10 දෙනෙකු සහ එක් උපදේශකයෙකු තවමත් අතුරුදහන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කලාපයේ තවත් වැසි සහ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, එමඟින් තවදුරටත් හදිසි ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතිනවා.
මෙම ආපදා තත්ත්වයට පෙර ප්‍රමාණවත් ගංවතුර අනතුරු ඇඟවීම් ලබා දී තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.