චීනයේ පෙර පාසලක ආහාර විසවී ළමයින් 233ක් රෝහලේ

ආහාර විසවීම

වයඹදිග චීනයේ පෙර පාසලක ආහාර විසවීමකින් ළමයින් 233 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ආහාර අලංකරණය සදහා යොදාගත් තීන්ත වර්ගයක් විසවීමෙන් ළමයින්ගේ රුධිරයේ ඊයම් මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පෙර පාසලේ දරුවන් සදහා පැවති ආහාර අලංකරණ වැඩසටහනකදී වර්ණ ගැන්වූ රට ඉඳි කේක් සහ සොසේජස් ඉරිඟු‍ බනිස් දරුවන් ආහාරයට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ආහාරවල ගැල්වීම සඳහා යොදාගත් තීන්ත අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇති බව ද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *