අත්‍යවශ්‍ය ඖෂධ අමෙරිකාවේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙරටට සපයා දීමට ජූලි චංග්ගේ එකගතාවය

නලින්ද ජයතිස්ස

අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චංග් එකඟතාව පළකර තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ ඊයේ පැවති හමුවකදීයි.
රජයේ රෝහල් පද්ධතිය තුළ ඇතැම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පැවසූ අමාත්‍යවරයා, රජයන්, රජයන් අතර සාකච්ජා කර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී සඳහන් කර තිබෙනවා.
එහිදී නව මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබදව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිවරිය දැනුවත් කර තිබුණා.
මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *