වසර 35කට පසු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බඳවා ගැනීම් ප්‍රතිසංස්කරණය කරයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වසර 35කට පසු පළමු වරට එහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටිනවා.
සංස්ථාවේ ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගුකාලීන ගැටළු විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ, මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කොටසක් ලෙස ශ්‍රම බලකායේ සැලකිය යුතු අඩුවීමක් ඇතුළත් වන බවයි.
2012 සිට බඳවා ගත් සේවකයින් 3,000ක් පමණ ඔවුන්ගේ තනතුරු සමාලෝචනය කරනු ලබන බවත්, ශ්‍රම බලකාය “අත්‍යවශ්‍ය සේවකයින්” 2,031ක් දක්වා අඩු කරන බවත්, ඔහු තහවුරු සඳහන් කළා.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සංස්ථාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මානව සම්පත් උපාය මාර්ගය නැවත සකස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.