හිරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

වෙඩි තැබීම

අද (11) අළුයම් කාලයේ හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි හිරණ පොලිසිය පවසන්නේ.

තුවාලකරු වයස අවුරුදු 32 ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *