2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ්අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් විභාගයේ ප්‍රතිපල ලබාගත හැකියි.
ප්‍රතිඵළ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 011 2 785 922, 011 2 784 208, 011 2 786 616 සහ 011 2 784 537 යන දුරකතන අංක මගින් විමසීම් කළ හැකියි