නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

අද (14) පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා පැය 10ක කාලයක ජල කප්පාදුවක් ප්‍රදේශ කිහිපයකට සිදුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, එම ජල කප්පාදුව රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවල සිදුකෙරෙන අතර, ඒ හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ඇති.
නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝන්ගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකාදෙණිය, රන්පොකුණුගම, රන්පොකුණුගම නව නිවාස යෝජනා ක්‍රමය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන යන ප්‍රදේශ සඳහාත්, මාතලාන, හග්ගල්ල, කලල්පිටිය, ඇල්ලමුල්ල, බටලීය, මාඉඹුල, මාතලාන, අලවල යන ප්‍රදේශ සඳහාත් මෙලෙස පැය 10ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.