හංවැල්ලේ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් අනාවරණ වෙයි

හංවැල්ල – තුන්නාන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර පළා ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදු වු වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් මොහුගේ පාදයට තුවාල සිදු ව තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන දැනට ඩුබායි සිටින ලලිත් කන්නන්ගරගේ සමිපතමයකු බව කියන ඉරේෂ් නැමැත්තාගේ පියා බවටයි අනාවරණය වී ඇත්තේ.