ඉන්දියාව 79 වැනි නිදහස් දිනය සමරයි

ඉන්දියාවේ නිදහස් දිනය, අදට (15) යෙදී තිබෙනවා.
ඒ අනුව ඔවුන් නිදහස හිමි කරගෙන අදට වසර 79 ක්.
එහි සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැත්වුණේ, නවදිල්ලියේ රතු බළකොටුවේ දියි.
එහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජාතික ධජය ඔසවා ජාතිය අමතනු ලැබුවා.
එම රාජ්‍ය උත්සවයේ දී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් අගයනු ලැබූ අතර ඒ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිපදෙනෙකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක්කිරීම සිදු කෙරුණා.
වසර ගණනාවක දේශපාලන අරගලය අවසන් වෙමින් 1947 ඉන්දියානු නිදහස් පනත සම්මත වීමත් සමඟ ඔවුන්ට බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වාධීන වීමට හැකිවුණා.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාව 1947 අගෝස්තු 14-15 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය ලෙස රටවල් දෙකකට බෙදීමට ලක්වුණා.
එමෙන්ම ඉන්දියාව අගෝස්තු 15 වැනි දින නිදහස් දිනය සමරන අතර, පාකිස්ථානය එය අගෝස්තු 14 වැනි දින සමරනවා.