අද සිට සියලු බස් රියැදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

සියලු බස් රියැදුරන්ට අද සිට ආසන පටි පැළැඳීම අනිවාර්යය කෙරේ සියලුම බස් රථ රියදුරන් අද (01) සිට සියලුම මාර්ගවල ගමන් කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
මේ අතර ලබන අගෝස්තු 01 වනදා සිට සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳ සිටීම අනිවාර්යය බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අධිවේගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සියලුම ආසනවල ගමන් කරන මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්යය කිරීම ලබන සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මකවන බවද ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.