සිනොපෙක් ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සම වෙයි

Mahima News

ජූලි මාසයට අදාලව ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනය අනුව සිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන් ගැලපීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, IOC ඉන්ධන සමාගමේ මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් ඊයේ දින වෙනස්කරනු ලැබුවා

ඒ අනුව, සිපෙට්කෝ මිල සංශෝධනය අනුව, රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305ක්.

රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.

රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.

රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.

රුපියල් 325ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිලෙහිද වෙනසක් සිදුව නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *